bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 48
Ezekiel 48
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 47
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
1
ගෝත්රවල නාමවල් මේවාය: හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගයද හශර්-ඒනාන්ද උතුරෙහි හමාත්ට ළංවූ දමස්කයේ සීමාවද ළඟ තිබෙන උතුරු කෙළවරේ සිට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා දාන්ට එකක්ය.
2
දාන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ආෂෙර්ට එකක්ය.
3
ආෂෙර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නප්තලීට එකක්ය.
4
නප්තලීගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා මනස්සේට එකක්ය.
5
මනස්සේගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා එප්රායිම්ට එකක්ය.
6
එප්රායිම්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා රූබෙන්ට එකක්ය.
7
රූබෙන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා යූදාට එකක්ය.
8
යූදාගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ඔබ සැම ඔප්පුකළ යුතු උපහාර කොටස වන්නේය, එහි පළල දඬු විසිපන් දහසක්ද එහි දිග අනික් කොටස්වලින් එකක් වාගේ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වාද වන්නේය; ශුද්ධස්ථානය එහි මැද වන්නේය.
9
ඔබ සැම එයින් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ යුතුවූ උපහාර කොටස විසිපන් දහසක් දිගද දස දහසක් පළලද ඇතුව තිබිය යුතුය.
10
ශුද්ධවූ උපහාරය මොවුන්ට වන්නේය, එනම්, පූජකයන්ට, උතුරට විසිපන් දහසක් දිගද බස්නාහිරට දස දහසක් පළලද නැගෙනහිරට දස දහසක් පළලද දකුණ දෙසට විසිපන් දහසක් දිගද ඇති කොටසක් වන්නේය. ඒක මැද ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධස්ථානය වන්නේය.
11
එය ඉශ්රායෙල් පුත්රයන් මුළාව ගිය කල ලෙවීවරු මුළාව ගියාක්මෙන් මුළාව නොගොස් මාගේ සේවය පැවැත්තුවාවූ, ශාදොක්ගේ පුත්රයන්වූ පවිත්රකරනු ලැබූ පූජකයන්ට වන්නේය.
12
එය දේශයේ උපහාරයෙන් ලෙවීවරුන්ගේ සීමාව ළඟ ඔවුන්ට අති ශුද්ධ උපහාර කොටසක් වන්නේය.
13
පූජකයන්ගේ සීමාවට යාව විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේය. මුළු දිග විසිපන් දහසක්ද පළල දස දහසක්ද විය යුතුය.
14
ඔවුන් විසින් එයින් කිසිවක් විකුණන්ටවත් මාරුකරන්ටවත් භූමියේ ප්රථම ඵල අහිමිකරන්ටවත් නොයෙදේවා. මක්නිසාද එය ස්වාමීන්වහන්සේ ට ශුද්ධය.
15
විසිපන් දහසට යාම පළලෙන් ඉතුරුව තිබෙන පන් දහස වාසයකිරීමට නුවර සහ පිට-බිම් පිණිස පොදුවූ කොටසක් වන්නේය. නුවර වනාහි ඒක මැද වන්නේය. එකේ මිමි මෙසේය:
16
උතුරු පැත්ත හාරදාස් පන්සියයක්ය, දකුණු පැත්ත හාරදාස් පන්සියයක්ය, නැගෙනහිර පැත්ත හාරදාස් පන්සියයක්ය, බස්නාහිර පැත්ත හාරදාස් පන්සියයක්ය.
17
නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය.
18
ශුද්ධවූ උපහාරයට යාව දිගින් ඉතිරිවෙන්නේ නැගෙනහිරට දස දහසක්ය; බස්නාහිරට දස දහසක්ය. එය ශුද්ධවූ උපහාරය ළඟ වන්නේය; ඒ කොට්ඨාසවල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේය;
19
සියලු ඉශ්රායෙල් ගෝත්රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.
20
මුළු උපහාරය විසිපන් දහසක් දිගව, විසිපන් දහසක් පළලව, තිබිය යුතුය. එසේ ශුද්ධවූ උපහාරය නුවර කොටස ඇතුළුව සතරැස් එකක් කොට ඔප්පු කරන්න.
21
ශුද්ධවූ උපහාරයටත් නුවර කොටසටත් දෙපැත්තෙන් එනම් උපහාරයේ විසිපන් දහස ළඟ සිට නැගෙනහිර සීමාව දක්වාද බස්නාහිර දෙසට විසිපන් දහස ළඟ සිට බස්නාහිර සීමාව දක්වාද [ගෝත්ර] කොටස් ළඟ ඉතිරිවෙන පංගු අධිපතියාට වන්නේය. ශුද්ධවූ උපහාරයද ගෘහයේ ශුද්ධස්ථානයද එහි මැද වන්නේය.
22
එසේ අධිපතියාට අයිති ඒවාට අතරේ තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිටද නුවර කොටසේ සිටද යූදාගේ සීමාවටත් බෙන්යමින්ගේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේය.
23
ඉතිරි ගෝත්රවලින් නම් නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්යමින්ට එකක්ය.
24
බෙන්යමින්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සිමියොන්ට එකක්ය.
25
සිමියොන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ඉස්සාකර්ට එකක්ය.
26
ඉස්සාකර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට එකක්ය.
27
සාබුලොන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ගාද්ට එකක්ය.
28
ගාද්ගේ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම් තාමාර් පටන් මෙරීබත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබෙන්නේය.
29
ඉශ්රායෙල් ගෝත්රවලට උරුමයක් පිණිස ඔබ සැම පසඇට දමා බෙදිය යුතුවූ දේශය ඒකය, ඔවුන්ගේ කොටස් ඒවායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
30
නුවරින් පිටතට යන තැන් මෙසේය: දඬු මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති උතුරු පැත්තෙහි
31
ඉශ්රායෙල් ගෝත්රවල නාම ප්රකාරයට නම් ඇතුව, නුවර දොරටුවලින් දොරටු තුනක් උතුරට වන්නේය. රූබෙන්ගේ දොරටුව එකක්ය; යූදාගේ දොරටුව එකක්ය; ලෙවීගේ දොරටුව එකක්ය.
32
හාරදාස් පන්සියයක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. යෝසෙප්ගේ දොරටුව එකක්ය; බෙන්යමින්ගේ දොරටුව එකක්ය; දාන්ගේ දොරටුව එකක්ය.
33
මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේය. සිමියොන්ගේ දොරටුව එකක්ය; ඉස්සාකර්ගේ දොරටුව එකක්ය; සාබුලොන්ගේ දොරටුව එකක්ය.
34
හාරදාස් පන්සියයක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. ගාද්ගේ දොරටුව එකක්ය; ආෂෙර්ගේ දොරටුව එකක්ය; නප්තලීගේ දොරටුව එකක්යs.
35
වටකර දහඅට දහසක්ය. ඒ දවසේ පටන් නුවර නාමය යොහෝවා-ෂාමා වන්නේයයි කීසේක.
← Chapter 47
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48