bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 36
Ezekiel 36
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 37 →
1
තවද මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඉශ්රායෙල් කඳුවලට අනාගතවාක්‍ය කියමින් මෙසේ කියන්න: ඉශ්රායෙල් කඳු, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
2
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-සතුරා ඔබ සැම ගැන කථාකොට: ඔහෝ, පුරාණ උසස්ථාන අපට උරුමයක් වී තිබේයයි කියන බැවින්,
3
ඔබ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. ඉතුරු ජාතීන්ට ඔබ සැම උරුමයක් වෙන පිණිස ඔවුන් ඔබ සැම පාළුකළ බැවින්ද ඔබ සැම වටකර හතිදමමින්ද ඉවඅල්ලන බැවින්ද ඔබ සැම තොල්වල දෙඩීමක්ව සෙනඟ අතරේ නින්දාවක්ව සිටින බැවින්ද,
4
ඉශ්රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් අවට ඉතිරිව සිටින ජාතීන්ට කොල්ලයක්ව කවටකමක්ව තිබෙන්නාවූ පාළුවූ නාස්ති ඉඩම්වලටත් අත්හැරී තිබෙන නුවරවලටත් ස්වාමීවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක.
5
එසේවූ බැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ දේශය කොල්ලයක් කොට උඳුරාගන්න පිණිස මුළු සිතේ සන්තෝෂයෙන්ද ආත්මයේ උඩඟුකමින්ද ඒක තමුන්ට උරුමයක් කොට නියමකරගත් ඉතුරු ජාතීන්ටත් මුළු ඒදොම්ටත් විරුද්ධව සැබෑවටම මාගේ ජ්වලිත ගින්නෙන් මම කථාකෙළෙමි.
6
එබැවින් ඉශ්රායෙල් රට ගැන අනාගතවාක්‍ය කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න-බලව, ඔබ සැම ජාතීන්ගේ නින්දාව දැරු නිසා මාගේ ජ්වලිතයෙන්ද මාගේ උදහසින්ද මම කථාකෙළෙමි.
7
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.
8
නුමුත්, එම්බා ඉශ්රායෙල් කඳු, ඔබ සැම වනාහි ඔබ සැමගේ අතු ලියලවා, මාගේ සෙනඟවූ ඉශ්රායෙල්ට ඔබ සැමගේ ඵල දරාදෙනවා ඇත; ඔවුන් එන්ට ළඟය.
9
මක්නිසාද මම ඔබ සැම උදෙසාය, ඔබ සැම වෙතට හැරෙන්නෙමි, ඔබ සැමද අස්වද්දා, වපුරනු ලබන්නහුය.-
10
මම ඔබ සැම පිට මනුෂ්‍යයන්, එනම් මුළු ඉශ්රායෙල් වංශයම, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත.
11
මම ඔබ සැම පිට මනුෂ්‍යයන්ද තිරිසනුන්ද වැඩිකරන්නෙමි; ඔව්හු වැඩිවී බෝවන්නෝය. ඔබ සැමගේ ප්‍රථම කාලවලදී මෙන් ඔබ සැම පිට මිනිසුන් වාසයකරවා, ඔබ සැමගේ මුල් කාලවලට වඩා මම ඔබ සැමට යහපත කරන්නෙමි. ඔබ සැමද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත.
12
එසේය, ඔබ සැම පිට මනුෂ්‍යයන්ට, එනම් මාගේ සෙනඟවූ ඉශ්රායෙල්ට ඇවිදින්ට සලස්වන්නෙමි; ඔවුන් ඔබව හිමිකරගන්නවා ඇත, ඇත. ඔබද ඔවුන්ට උරුමයක් වන්නෙහිය, ඔවුන්ගේ දරුවන් ඔබ තවත් නැතිකර නොදමන්නෙහිය.
13
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දේශය, ඔබ මනුෂ්‍යයන් කාදමා, ඔබේ සෙනඟ නැතිකළායයි ඔබට කියන බැවින්,
14
ඔබ තවත් මනුෂ්‍යයන් කාදමන්නේවත් ඔබේ සෙනඟ තවත් නැතිකරන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
15
ඔබට විරුද්ධව ජාතීන්ගේ අපහාස කථා අසන්ට මම තවත් ඉඩ නොදෙන්නෙමි, ජනයන්ගේ නින්දාව ඔබ තවත් දරන්නේවත් ඔබ තවත් ඔබේ ජාතිය පැකිලවන්නේවත් නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
16
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
17
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමුන්ගේ රටෙහි වාසයකරද්දී ඔව්හු තමුන්ගේ මාර්ගයෙන්ද තමුන්ගේ ක්‍රියාවලින්ද ඒක අපවිත්‍රකළෝය. ඔවුන්ගේ මාර්ගය කිළිවූ ස්ත්‍රීයෙකුගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි වූයේය.
18
මමද ඔවුන් දේශය පිට වැගිරෙවු ලේ නිසාත් ඔවුන් තමුන්ගේ රූපවලින් ඒක අපවිත්‍රකළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා,
19
ජාතීන් අතරට ඔවුන් පන්නාදැමීමි, ඔව්හු දේශවල විසුරුවනු ලැබුවෝය. ඔවුන්ගේ මාර්ගයේද ඔවුන්ගේ ක්‍රියාවලද ප්‍රකාරයට ඔවුන් විනිශ්චය කෙළෙමි.
20
ඔවුන් පැමිණි තැන්වල ජාතීන් ළඟට ඔවුන් ගිය කල: මොව්හු ස්වාමීන්වහන්සේ ගේ සෙනඟය, උන්වහන්සේගේ දේශයෙන් පිටවුණෝයයි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසුවෝය.
21
නුමුත් ඉශ්රායෙල් වංශය පැමිණි තැන්වල ජාතීන් අතරෙහි ඔවුන් කෙලෙසුවාවූ මාගේ ශුද්ධ නාමය කෙරෙහි අනුකම්පා ඇතිවීමි.
22
එබැවින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්රායෙල් වංශයට කියන්න-එම්බා ඉශ්රායෙල් වංශය, ඔබ සැම නිසා නොව ඔබ සැම පැමිණි තැන්වල ජාතීන් අතරෙහි ඔබ සැම විසින් කෙලෙසූ මාගේ ශුද්ධ නාමය උදෙසා ක්‍රියාකරමි.
23
ජාතීන් අතරෙහි කෙලහී තිබෙන්නාවූ, ඔබ සැම විසින් ඔවුන් අතරෙහි කෙලෙසුවාවූ මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; මා විශුද්ධ බව ඔබ සැම කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙනෙන කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
24
එසේය, මම ජාතීන් අතරෙන් ඔබ සැම රැගෙන, සියලු දේශවලින් ඔබ සැම රැස්කර, ඔබ සැමගේ ම රටට ගෙනෙන්නෙමි.
25
ඔබ සැම පිරිසිදුවන ලෙස මම ඔබ සැම කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. ඔබ සැමගේ සියලු අපවිත්‍රකම්වලින්ද ඔබ සැමගේ සියලු දේවරූපවලින්ද ඔබ සැම පිරිසිදුකරන්නෙමි.
26
මම අලුත් සිතක් ඔබ සැමට දී, අලුත් ආත්මයක් ඔබ සැම තුළ තබා, ඔබ සැමගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් ඔබ සැමට දෙන්නෙමි.
27
මාගේ ආත්මය ඔබ සැම තුළ තබා, ඔබ සැම මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.
28
මා විසින් ඔබ සැමගේ පියවරුන්ට දුන් දේශයෙහි ඔබ සැම වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
29
මම ඔබ සැමගේ සියලු අපවිත්‍රකම්වලින් ඔබ සැම ගළවන්නෙමි. ඔබ සැම පිටට සාගතය නොපමුණුවා, ධාන්‍ය උපදවාදී, ඒවා වැඩිකරන්නෙමි.
30
ඔබ සැම ජාතීන් අතරෙහි සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල ඵලදකෙත්වල අස්වැන්නද වැඩිකරන්නෙමි.
31
ඔබ සැමද ඔබ සැමගේ නපුරු මාර්ග සහ ඔබ සැමගේ අයහපත් ක්‍රියා සිහිකොට, ඔබ සැමගේ අයුතුකම්ද ඔබ සැමගේ පිළිකුල්කම්ද නිසා ඔබ සැමටම පිළිකුල්කරන්නහුය.
32
මා මෙසේ ක්‍රියාකරන්නේ ඔබ සැම නිසා නොවන බව දැනගන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්රායෙල් වංශය, ඔබ සැමගේ මාර්ග නිසා ලජ්ජාවී කැලඹෙන්න.
33
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ සියලු අපරාධවලින් මා විසින් ඔබ සැම පිරිසිදුකරන දවසේදී මම නුවරවල මිනිසුන් වාසයකරවන්නෙමි, පාළු ඉඩම්ද ගොඩනගනු ලබන්නේය.
34
මග යන සියල්ලන්ට දේශය පාළුවක්ව පෙනුණු නුමුත් එය අස්වද්දනු ලබන්නේය.
35
මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්තිව පාළුව ජරාවාසව තිබුණාවූ නුවරවල් බලකොටුවී වැසියන් ඇතුව තිබේයයි කියන්නෝය.
36
ඔබ සැම වටකර ඉතිරිවෙන ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා විසින් ජරාවාසවූ තැන් ගොඩනඟන්ටත් පාළුවූ ඉඩම් වවන්ටත් යෙදුණු බව දැනගන්නහුය. ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමි, ඒක කරන්නෙමි.
37
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙය ඉශ්රායෙල් වංශයට කරන ලෙස මම ඔවුන්ගේ ඉල්ලීමට තව දුරටත් ඇහුම්කන්දෙන්නෙමි; රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.
38
පූජාකිරීමට කැපකළ බැටළු රැළ මෙන්, යෙරුසලමේ මංගල්‍යවලදී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නුවරවල් මනුෂ්‍ය රැළවලින් පිරෙනවා ඇත. ඔවුන්ද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය. මෙය කරන්නේ ඉශ්රායෙල් නිසා නොව ස්වාමීන්වහන්සේ ගේ
← Chapter 35
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 37 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48