bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 29
Ezekiel 29
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 30 →
1
දසවෙනි අවුරුද්දේ දසවෙනි මාසේ දොළොස්වෙනිදා ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව ඔබේ මුහුණ හරවා, ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
3
ඔබ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම ඔබට විරුද්ධයෙමි.
4
මම ඔබේ හකුවල කොකු දමා, ඔබේ ගංගාවල මත්ස්‍යයන් ඔබේ කොරපොතුවල වද්දවා, එසේ ඔබේ කොරපොතුවල වැදී ඉන්දැද්දී ඔබේ ගංගාවල සියලු මත්ස්‍යයන් ඇතුළුව ඔබව ඔබේ ගංගාවල් ඇතුළෙන් ගොඩට අදින්නෙමි.
5
මම ඔබ සහ ඔබේ ගංගාවල සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළා දමන්නෙමි. ඔබ පොළොව මතුපිට වැටී ඇහිඳිනු නොලබන්නෙහිය. ඔබ පොළොවේ මෘගයන්ටද ආකාශයේ පක්ෂීන්ටද කෑම පිණිස දුනිමි.
6
මිසරයේ සියලු වැසියෝද මා ස්වාමීන්වහන්සේ බව, ඔවුන් ඉශ්රායෙල් වංශයට බට සැරයටියක්ව සිටි කාරණයෙන් දැනගන්නෝය.
7
අතින් ඔවුන් ඔබව ඇල්ලූ විට ඔබ බිදී, ඔවුන්ගේ සියලු උරහිස් ඉරුණේය. ඔවුන් ඔබට බරවෙන විට ඔබ පොඩිවී, ඔවුන්ගේ සියලු ඉඟටි ඇදී හිටින්ට ඔබ සැලැස්සුවෙහිය.
8
එබැවින්, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔබට විරුද්ධව කඩුවක් පමුණුවා, ඔබෙන් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමන්නෙමි.
9
මිසර දේශය නාස්තියක්ද පාළුවක්ද වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මක්නිසාද: ගංගාව මාගේය, මම ඒක සාදාගතිමියි ඔහු කීවේය.
10
එබැවින්, බලව, මම ඔබටත් ඔබේ ගංගාවලටත් විරුද්ධයෙමි, මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වාත් කූෂ්හි සීමාව දක්වාත් මිසර දේශය මුළුමනින්ම පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.
11
මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය.
12
පාළුවී තිබෙන රටවල් මැද මම මිසර දේශය පාළුවක්කරන්නෙමි, එහි නුවරවල්ද නටබුන්වී තිබෙන නුවරවල් අතරේ හතළිස් අවුරුද්දක් පාළුවක්ව තිබෙනවා ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, දේශවල ඔවුන් විසුරුවන්නෙමි.
13
එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: සතළිස් අවුරුද්දකට පසු, මිසරවරුන් විසිරීගිය ජනයන් අතරෙන් ඔවුන් රැස්කරන්නෙමි.
14
මම මිසරවරුන්ගේ වහල්කම පහකර, ඔවුන්ගේ ජන්ම දේශයවූ පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි; ඔවුන් වනාහි එහි පහත් රාජ්‍යයක්ව සිටිනවා ඇත.
15
ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.
16
ඔවුන් දෙසට හැරීමෙන්, ඉශ්රායෙල් වංශයේ අපරාධය සිහිකරවන හැටියට, තවත් ඔව්හු මොවුන්ගේ විශ්වාසයට හේතු නොවන්නෝය. මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.
17
තවද විසිහත්වෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
18
මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තීර්ට විරුද්ධව තමාගේ සේනාව ලවා මහත් වැඩක් කෙරෙවුවේය. සියලු හිස් මුඩුවිය, සියලු උරහිස් හමගියේය. එහෙත් ඔහු තීර්ට විරුද්ධව කළ වැඩය නිසා ඔහුටත් ඔහුගේ සේනාවටත් තීර්ගෙන් කුලී ලැබුණේ නැත.
19
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය.
20
ලබාගැනීමට ඔහු වැඩකළාවූ ඔහුගේ විපාකය කොට මිසර දේශය මම ඔහුට දුනිමි. මක්නිසාද ඔව්හු ඒ වැඩ මා උදෙසා කළෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
21
ඒ දවසේදී මම ඉශ්රායෙල් වංශයට අඟක් ලියලවන්නෙමි, ඔබේ මුඛයද ඔවුන් අතරෙහි අරවන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.
← Chapter 28
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 30 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48