bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 40
Ezekiel 40
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 41 →
1
අපේ වහල්කමේ විසිපස්වෙනි අවුරුද්ද වන නුවර අසුවීමෙන් පසු දහතරවෙනි අවුරුද්දේ පටන්ගැන්මේදී මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේ ගේ හස්තය මා පිටට පැමිණ උන්වහන්සේ එතනට මා ගෙනාසේක.
2
දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.
3
උන්වහන්සේ මා එතනට පැමිණෙවු විට පිත්තලවල පෙනීම වැනි පෙනීමක් ඇති මනුෂ්‍යයෙක් තමාගේ අතේ හණ ලණුවක්ද මනින දණ්ඩක්ද ඇතුව දොරටුවෙහි සිටිනවා දුටිමි.
4
ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ඇස්වලින් බලා, ඔබේ කන්වලින් අසා, මා ඔබට පෙන්වන සියල්ලට ඔබේ සිත යොමුකරන්න; මක්නිසාද ඔබ මෙහි පැමිණෙවුවේ ඒවා ඔබට පෙන්වන පිණිසය. ඔබ දකින සියල්ල ඉශ්රායෙල් වංශයට දන්වන්නැයි කීවේය.
5
ගෘහයට පිටතින් වටකරම තාප්පයක් තිබුණේය, ඒ මනුෂ්‍යයාගේ අතේ හරියනක් දිග ඇති දණ්ඩක් විය, එහි රියනක දිග රියනකුත් අල්ලක්ය. එවිට ඔහු ගොඩනැගිල්ලේ පළල මැන්නේය, ඒක එක දණ්ඩක්ය; උසත් එක දණ්ඩක්ය.
6
එවිට ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට ඇවිත් ඒකේ පඩිවලින් නැගී එළිපත්ත මැන්නේය, ඒකේ පළල එක දණ්ඩක්ය. එක එළිපත්තක පළල එක දණ්ඩක්ය.
7
එක එක කාමරයේ දිග එක දණ්ඩක්ය, පළලත් දණ්ඩක්ය; කාමර අතරේ පස්රියනක් තිබුණේය; ගෘහය දෙස දොරටුවේ ශාලාව ළඟ තිබුණු දොරටුවේ එළිපත්ත එක දණ්ඩක්ය.
8
ඔහු ගෘහය දෙස තිබුණු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක එක දණ්ඩක්ය.
9
ඔහු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක අට රියනක්ය; ඒකේ කණු රියන් දෙකක්ය; දොරටුවේ ශාලාව ගෘහය දෙසට තිබුණේය.
10
නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒ තුනටම තිබුණේ එක මිම්මය. එක එක පැත්තේ කණුවලටත් තිබුණේ එක මිම්මය.
11
ඔහු දොරකඩ පළලත් මැන්නේය, ඒක දස රියනක්ය; දොරටුවේ දිග දහතුන් රියනක්ය.
12
මුර-ගෙවල් ඉදිරිපිට එක රියනක ඉමක් තිබුණේය, අනික් පැත්තෙහි එක රියනක ඉමක් තිබුණේය; කාමරයකට එක පැත්තකින් රියන් හයක්ද අනික් පැත්තෙන් රියන් හයක්ද තිබුණේය.
13
ඔහු එක කාමරයක පියස්සේ සිට තවත් එකක පියස්ස දක්වා දොරටුව මැන්නේය; දොරකඩකට ඉදිරිපිට දොරකඩක් වශයෙන් පළල විසිපස් රියනක්ය.
14
ඔහු මැන කණු හැට රියනක් දක්වා තිබෙන බව දැනගත්තේය; කණුවලට ඇතුළෙහි දොරටුව වටකර මළුව තිබුණේය.
15
ඇතුල්වෙන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් දොරටුවේ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා පනස් රියනක්ය.
16
ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම් කර) තිබුණේය.
17
එවිට ඔහු පිට-මළුවට මා ගෙනාවේය, ඒ මළුවට කාමර සාදා වටකර ගල් අල්ලා තිබුණේය. ඒ ගල්-බිම පිට කාමර තිහක් තිබුණේය.
18
දොරටු පැත්තට තිබුණු දොරටුවල දිග ගල්-බිම ප්‍රමාණයට තිබුණේය, ඒක පහළ ගල්-බිමය.
19
ඔහුද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේය, නැගෙනහිරටත් උතුරටත් රියන් සියයක් තිබුණේය.
20
උතුරට තිබුණු පිට-මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේය.
21
ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය.
22
ඒකේ කවුළුද ඒකේ ශාලාද තල්ගස්ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය; පඩි සතකින් ඒකට නැංගෝය; ඒකේ ශාලාද ඒවා ඉදිරිපිට තිබුණේය.
23
උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුල් මළුවට දොරටුවක් තිබුණේය, නැගෙනහිරටත් එසේමය; ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේය, එය රියන් සියයක් විය.
24
ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය.
25
ඒ කවුළු වාගේ වටකරම මේකටත් මේකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
26
ඒකට නැගීමට පඩි සතක් තිබුණේය, ඒකේ ශාලාද ඒවා ඉදිරිපිට තිබුණේය. ඒකට තල්ගස් එක පැත්තක එකක්ද අනික් පැත්තෙහි එකක්ද බැගින් ඒකේ කණුවල (කැටයම්කර) තිබුණේය.
27
ඇතුල් මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබුණේය. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේය, එය රියන් සියයක් විය.
28
ඔහු දකුණු දොරටුවෙන් ඇතුල් මළුවට මා පමුණුවා, දකුණු දොරටුව ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය;
29
ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
30
වටකරම ශාලා තිබුණේය, දිග විසිපස් රියනක්ය, පළල පස් රියනක්ය.
31
ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවලට තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේ ය.
32
එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුල් මළුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට දොරටුව මැන්නේය;
33
එකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
34
ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවල දෙපැත්තෙහි තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේය.
35
ඔහු උතුරු දොරටුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට,
36
ඒක සහ ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද මැන්නේය; වටකරම ඊට කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
37
ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවල දෙපැත්තෙහි තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේය.
38
දොරටුවල කණු ළඟ කාමරයක්ද ඒකේ දොරකඩක්ද තිබුණේය; එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිසය.
39
දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක්ද අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද මරන පිණිසය.
40
උතුරු දොරකඩට නගින තැන, පිට පැත්තෙහි මේස දෙකක්ද දොරටුවේ ශාලාවේ අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය.
41
දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තෙහි මේස හතරක්ද බැගින් මේස අටක් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ සතුන් මරන පිණිසය.
42
රියන් එකහමාරක් දිගද රියන් එකහමාරක් පළලද රියනක් උසද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවල්ද වෙනත් පූජාවල්ද මරන්ට පාවිච්චිකරන ආවුද තැබීමටය.
43
අල්ලක පළල ඇති කොකු ගේ ඇතුළේ වටේට සවිකර තිබුණේය. මේස පිට පූජාවේ මාංස තබනලදී.
44
ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.
45
ඔහුද: ඉස්සරහ පැත්ත දකුණු දෙසට තිබෙන මේ කාමරය ගෘහයේ සේවය පවත්වන පූජකයන්ටත්,
46
ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත්ය. ඔව්හු වනාහි ස්වාමීන්වහන්සේ ට සේවය කරන්ට උන්වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන්වූ ශාදොක්ගේ පුත්‍රයෝයයි මට කීවේය.
47
එවිට ඔහු මළුව මැන්නේය, දිග රියන් සියයක්ය, පළල රියන් සියයක්ය, ඒක සතරැස්ව තිබුණේය; පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේය.
48
ඔහු ගෘහයේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේය, එක පැත්තක රියන් පහක්ය, අනික් පැත්තෙහි රියන් පහක්ය. දොරටුවේ පළල එක පැත්තක රියන් තුනක්ය, අනික් පැත්තෙහි රියන් තුනක්ය.
49
ශාලාවේ දිග විසි රියනක්ය, පළල එකොළොස් රියනක්ය; පඩි දසයකින් ඒකට නගින්නෝය. කුළුනුවලට කණු එක පැත්තක එකක්ද අනික් පැත්තෙහි එකක්ද බැගින් තිබුණේය.
← Chapter 39
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 41 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48