bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 38
Ezekiel 38
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 39 →
1
ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව ඔබේ මුහුණ හරවාගන, ඔහුට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්:
3
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම ඔබට විරුද්ධයෙමි.
4
මම ඔබ පස්සට හරවා, ඔබේ හකුවල කොකු දමා, ඔබ සහ ඔබේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනයන්නෙමි; ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගන, පලිස්ද කුඩා පලිස්ද ඇති මහත් සමූහයක්ව, සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති.
5
ඔවුන් සමඟ පාර්සිවරුද කූෂ්වරුද පූට්වරුද සිටිති; ඔවුන් සියල්ලන්ට පලිස්ද යුද්ධ තොප්පිද තිබේ.
6
ගොමෙර් සහ ඔහුගේ සියලු සමුදාවල්ද උතුරේ දුරස්ථානවල තොගර්මා වංශය සහ ඔහුගේ සියලු සමුදාවල්ද යන බොහෝ ජනයෝ ඔබ සමඟ සිටිති.
7
ඔබ සූදානම්වී, එසේය, ඔබ වෙතට රැස්ව සිටින ඔබේ සියලු සමූහයන් සමඟ (සියල්ල) සූදානම්කරගෙන, ඔවුන්ගේ ප්‍රධානියා වෙන්න.
8
බොහෝ දවස් ගිය පසු ඔබ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.
9
එවිට ඔබ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, ඔබ සහ ඔබ සමඟ ඔබේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත.
10
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි ඔබේ සිතට කාරණා පහළව, ඔබ නපුරු යෝජනාවක් කරගෙන කථාකොට-
11
මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අඟුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත.
12
ඔබ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව ඔබේ අත හැරවීමටත්ය.
13
ෂෙබාවරු සහ දෙදාන්වරුද තර්ෂිෂ්හි වෙළෙන්දෝද එහි සියලු තරුණ සිංහයෝද ඔබට කථාකොට: ඔබ කොල්ලකන්ට ආයෙහිද? ඔබේ සේනාව ඔබ රැස්කරගත්තේ සම්පත් උදුරාගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන්ද සම්පත්ද අල්ලා, බොහෝ කොල්ල ලබාගන යන පිණිසදැයි අසන්නාහුය.
14
එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, ඔබ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ගොග්ට කියන්න: මාගේ සෙනඟවූ ඉශ්රායෙල් නිසැකව වාසයකරන කාලයේදී ඔබ ඒක දැනගන්නේ නැද්ද?
15
උතුරේ දුරස්ථානවල තිබෙන ඔබේ ස්ථානයේ සිට ඔබ සහ ඔබ සමඟ බොහෝ ජනයන් අසුන් පිට සියල්ලන්ම නැගී, මහත් සමූහයක්ව, බලවත් සේනාවක්ව එනවා ඇත.
16
ඔබ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව ඔබ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම ඔබ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.
17
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව ඔබ පමුණුවන්නෙමියි කියා පුරාණ කාලයේ අවුරුදුවල අනාගතවාක්‍ය කීවාවූ මාගේ දාසයන්වූ ඉශ්රායෙල් අනාගතවක්තෘවරුන් ලවා මා ඒ දවස්වල කියෙවුවේ ඔබ ගැන නොවේද?
18
ගොග් ඉශ්රායෙල් රටට විරුද්ධව එන ඒ කාලයේදී මාගේ උදහස මාගේ මුහුණෙහි ඇවිළෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
19
මක්නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි: සැබවින්ම ඒ කාලයේදී ඉශ්රායෙල් රටෙහි මහත් කම්පාවක් වන්නේය;
20
මුහුදේ මත්ස්‍යයෝද ආකාශයේ පක්ෂීහුද වනයේ මෘගයෝද භූමියෙහි බඩගායන සියලුම සත්වයෝද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝද මා ඉදිරියෙහි වෙවුලන්නෝය, කඳු හෙළාදමනු ලබන්ටත් උස්තැන් වැටෙන්ටත් සියලු පවුරු බිම වැටෙන්ටත් යෙදෙනවා ඇත.
21
මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්ට කඩුවට අඬගසන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එක එක මනුෂ්‍යයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය.
22
මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමඟ සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි.
23
මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.
← Chapter 37
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 39 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48