bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 32
Ezekiel 32
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 33 →
1
තවද දොළොස්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ පළමුවෙනිදා, ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න-ඔබ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. ඔබ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; ඔබේ ගංගාවල ඔබ පැන පැන ගොස්, ඔබේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.
3
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බොහෝ ජනයන් රැස්ව සිටියදී මාගේ දැල ඔබ පිටහෙළන්නෙමි; ඔවුන් මාගේ දැලෙන් ඔබ ගොඩට අදිනවා ඇත.
4
එවිට මම ඔබ බිම දමා, පොළෝ තලය මතුපිට හෙළා, ආකාශයේ සියලු පක්ෂීන් ඔබ පිට ලගින්ටත් මුළු පොළොවේ සත්වයන් ඔබෙන් තෘප්තියට පැමිණෙන්ටත් සලස්වන්නෙමි.
5
මම ඔබේ මස් කඳු පිටදමා, ඔබේ මළකඳෙන් මිටියාවත් පුරවන්නෙමි.
6
ඔබ පීනන දේශය කඳු දක්වා ඔබේ ලෙයෙන් පොඟවන්නෙමි; දෙණිද ඔබෙන් පිරෙනවා ඇත.
7
මා විසින් ඔබ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.
8
අහසේ බබළන සියලු ආලෝකවල් ඔබ නිසා මම අඳුරුකොට, ඔබේ දේශය කෙරෙහි අන්ධකාරය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
9
ඔබ නොදත් රටවලට, ජාතීන් අතරට, ඔබේ විනාශය මා විසින් පමුණුවන කල, බොහෝ ජනයන්ගේ සිත් ශෝකකරවන්නෙමි.
10
එසේය, මම ඔබ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි, ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරුත් ඔබ නිසා ඉතා භයවන්නෝය; ඔබේ වැටීමේ දවසේදී ඔවුන් එක එකා තම තමාගේ ප්‍රාණය ගැන මොහොතෙන් මොහොත වෙවුලන්නේය.
11
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජුගේ කඩුව ඔබ පිටට පැමිණෙන්නේය.
12
ඔබේ සමූහයා බලවන්තයන්ගේ කඩුවලින් වැටෙන්ට සලස්වන්නෙමි; ඔවුන් සියල්ලෝම ජාතීන්ගෙන් ඉතා භයානක අයය. ඔවුන් මිසරයේ මහිමය නැතිකරනවා ඇත, එහි මුළු සමූහයාද නාස්තිවේ.
13
මම එහි සියලු මෘගයන් මහත් ජලවල් ළඟින් නැතිකරන්නෙමි; මනුෂ්‍යයන්ගේ පාදයට ඒවා තවත් නොකැලඹෙන්නේය, මෘගයන්ගේ කුරවලටත් ඒවා නොකැලඹෙන්නේය.
14
ඔවුන්ගේ ජලවල් බැසයන්ටත් ඔවුන්ගේ ගංගා තෙල් මෙන් ගලායන්ටත් සලස්වන්නෙමි.
15
මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
16
මිනිසුන් විසින් කියන්නාවූ විලාපය මේය; ජාතීන්ගේ දූවරුන් එයින් විලාප කියනවා ඇත. මිසරය ගැනත් එහි මුළු සමූහයා ගැනත් ඔවුන් එයින් විලාප කියනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
17
තවද දොළොස්වෙනි අවුරුද්දේ මාසයේ පහළොස්වෙනිදා ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
18
මනුෂ්‍ය පුත්‍රය, ඔබ මිසරයේ සමූහයා ගැන විලාපයක් කියා, ඔවුන් සහ බලවත් ජාතීන්ගේ දූවරුන්ද මිනීවළට බසින්නන් සමඟ පොළොවේ පහත් තැන්වලට හෙළන්න.
19
ඔබ කාට වඩා රූපසම්පන්න වන්නෙහිද? ඔබ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.
20
කඩුවෙන් මැරුම්කන අය අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඈ කඩුවට භාරදී තිබේ. ඈ සහ ඇගේ සියලු සමූහයන් අහකට ඇදගන්න.
21
බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ උපකාරකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කථාකරන්නෝය. අචර්මඡේදිතවූ, කඩුවෙන් මැරුම්කෑවාවූ අය බැස ගොස් වැටී සිටිති.
22
අෂූර් සහ ඇගේ මුළු සමූහයත් එහිය; ඔහුගේ මිනීවළවල් ඔහු අවටින් ඇත්තේය. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.
23
ඔවුන්ගේ මිනීවළවල් වලේ ඉතා දුර තැන්වල සාදා තිබේ, ඇගේ සමූහය ඇගේ මිනීවළ වටකර සිටිති. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවු ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.
24
එහි ඒලාම් සහ ඇගේ මිනීවළ වටකර ඇගේ මුළු සමූහයාද සිටිති. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවු ඔව්හු අචර්මඡේදිතව පොළොවේ පහත් තැන්වලට බැස ගියෝය; ඔව්හුද මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරා සිටිති.
25
මැරුම්කෑ අයින් අතරෙහි ඇගේ මුළු සමූහයා ඇතුළුව ඈට යහනක් තබා තිබේ; ඇගේ මිනීවළවල් ඈ වටකර තිබේ. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය. මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවුවෝය; ඔව්හු මිනීවළට බසින්නන් හා සමඟ තමුන්ගේ නින්දාව ඉසුලුවෝය. මරනු ලැබූවන් අතරේ ඔහු තබනු ලැබීය.
26
එහි මෙෂෙක්ද තූබල්ද ඇගේ මුළු සමූහයාද සිටිති; ඇගේ මිනීවළවල් ඈ වටකර ඇත්තේය. ඔවුන් සියල්ලෝම අචර්මඡේදිතව කඩුවෙන් මැරුම්කෑවෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු භීතිය ඉපදෙවුවෝය.
27
වැටී තමුන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූද තමුන්ගේ කඩු තමුන්ගේ හිස යට තබාගත්තාවූද තමුන්ගේ අපරාධ තමුන්ගේ ඇට පිට ඇත්තාවූද අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක්ව සිටියෝය.
28
ඔබත් අචර්මඡේදිතයන් අතරෙහි පොඩිවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉන්නෙහිය.
29
එහි ඒදොම් සහ ඇගේ රජවරුද ඇගේ සියලුම අධිපතීහුද සිටිති; ඔව්හු බලවන්තයෝව සිටි නුමුත් කඩුවෙන් මැරුම්කෑ අය සමඟ තබනු ලැබුවෝය. ඔවුන් අචර්මඡේදිතයන්ද මිනීවළට බසින්නන්ද සමඟ වැටී ඉන්නවා ඇත.
30
එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝද සියලු ශිදොන්වරුද සිටිති; ඔව්හු මැරුම්කෑ අය සමඟ බැසගියෝය; ඔව්හු තමුන්ගේ බලවන්තකමෙන් ඉපදෙවු භීතිය ගැන ලජ්ජාවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරති.
31
ඵාරාවෝ සහ මුළු සේනාවද කඩුවෙන් මැරුම්කෑ විට, ඵාරාවෝ අනික් අයින් දැක, තමාගේ මුළු සමූහයා ගැන සැනසෙන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
32
මක්නිසාද ඔහුගේ භීතිය ජීවතුන්ගේ දේශයෙහි ඉපදෙවුවෙමි. ඵාරාවෝද ඔහුගේ මුළු සමූහයාද කඩුවෙන් මැරුම්කෑ අයින් සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
← Chapter 31
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 33 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48