bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 34
Ezekiel 34
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 35 →
1
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ එඬේරුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට, එනම් එඬේරුන්ට කියන්න. තමුන්ම පෝෂ්‍යකරගන්න ඉශ්රායෙල් එඬේරුන්ට දුක්වේ! එඬේරුන් විසින් බැටළුවන් පෝෂ්‍ය කළ යුතු නොවේද?
3
ඔබ සැම තෙල කති, ලෝම ඇඳගනිති, තර එවුන් මරති; එහෙත් ඔබ සැම බැටළුවන් පෝෂ්‍ය කරන්නේ නැත.
4
දුර්වල එවුන් ඔබ සැම විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද ඔබ සැම උන් ආණ්ඩුකළහුය.
5
එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය.
6
මාගේ බැටළුවෝ සියලු කඳුවලද උස්වූ සියලු හෙල් පිටද මුළාවගියෝය. එසේය, මුළු පොළෝතලයෙහි මාගේ බැටළුවෝ විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය.
7
එබැවින් එඬේරුනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
8
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම, එඬේරෙක් නැතුව මාගේ බැටළුවන් ගොදුරු වෙන්ටත් බැද්දේ සියලු මෘගයන්ට මාගේ බැටළුවන් කෑම වෙන්ටත් යෙදුණු නිසාද මාගේ එඬේරුන් මාගේ බැටළුවන් ගැන විභාගකරන්නේවත් මාගේ බැටළුවන් පෝෂ්‍යකරන්නේවත් නැතුව තමුන්ම පෝෂ්‍යකරගත් නිසාද,
9
එඬේරුනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න;
10
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි.
11
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි.
12
එඬේරෙක් වනාහි විසිරගිය තමාගේ බැටළුවන් අතරේ සිටින දවසකදී තමාගේ රැළ සොයා යන්නාක්මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, වලාකුල් සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.
13
මම ජනයන් අතරෙන් උන් පිටතට පමුණුවා, දේශවලින් උන් රැස්කර, උන්ගේම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවලද දෙණිවලද දේශයේ සියලු වාසස්ථානවලද උන් පෝෂ්‍යකරන්නෙමි.
14
හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, ඉශ්රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තෘණබිම් වන්නේය. එහි හොඳ තෘණබිම්වල උන් ලගිනවා ඇත, ඉශ්රායෙල් කඳුවල උන් සාරවත් තෘණ කනවා ඇත.
15
මමම මාගේ බැටළුවන් පෝෂ්‍යකර, මමම උන් ලග්ගවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
16
මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.
17
මාගේ බැටළුවෙනි, ඔබ සැමට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම සිව්පාවුන් සහ සිව්පාවුන්ද එනම් බැටළුවන් සහ එළුවන්ද අතරේ විනිශ්චය කරමි.
18
ඔබ සැම හොඳ තෘණ කා, ඔබ සැමගේ තෘණවලින් ඉතුරු ඒවා ඔබ සැමගේ පාදවලින් පාගාදමන එකත් පැහැදුණු වතුර බී ඉතුරු ඒවා ඔබ සැමගේ පාදවලින් කිලුටුකරන එකත් ඔබ සැමට සුළු දෙයක්ව පෙනේද?
19
මාගේ බැටළුවෝ ඔබ සැමගේ පාදවලින් පෑගුවාවූ ඒවා කති, ඔබ සැමගේ පාදවලින් කිලුටුකළ ඒවා බොති.
20
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි.
21
දුර්වලවූ සියල්ලන් පිටතට පන්නාදමන තුරු ඔබ සැම ඇලපතෙන්ද උරෙන්ද තල්ලු කර, ඔබ සැමගේ අංවලින් උන්ට අනින බැවින්,
22
මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, සිව්පාවුන් සහ සිව්පාවුන් අතරේ විනිශ්චය කරන්නෙමි;
23
ඔවුන් පෝෂ්‍යකිරීමට එකම එඬේරෙක් වන මාගේ සේවකයාවූ දාවිත් නැගුටුවා ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි; හෙතෙම ඔවුන් පෝෂ්‍යකොට ඔවුන්ගේ එඬේරා වන්නේය.
24
ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, මාගේ සේවකයාවූ දාවිත්ද ඔවුන් අතරේ අධිපතියා වන්නේය; ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමි.
25
මම ඔවුන් සමඟ සමාදාන ගිවිසුමක් කරන්නෙමි; ඔවුන්ට සුවසේ කාන්තාරයෙහි වසන්ටත් කැලෑවල නිදාගන්ටත් පුළුවන්වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි.
26
මම ඔවුන් සහ මාගේ කන්ද වටකර ඉඩම් ආශීර්වාදයක් කරන්නෙමි; වැස්ස නියම කාලයට වස්වන්නෙමි; ආශීර්වාද වර්ෂා පැමිණෙනවා ඇත.
27
කෙතේ ගස්වල ඵල හටගන්නේය. දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය; ඔව්හු මා විසින් ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් ගළවාගත්තාම, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
28
ජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝය, පොළොවේ මෘගයෝ උන් නොකන්නෝය; කිසිවෙක් ඔවුන් භයගන්වන්නේ නැතුව, ඔව්හු සුවසේ වාසයකරන්නෝය.
29
කීර්තිය පිණිස මම ඔවුන්ට ගස් පංක්තියක් උපදවන්නෙමි, ඔව්හු තවත් දේශයෙහි සාගතයෙන් විනාශ නොවන්නෝය, ජාතීන්ගේ නින්දාකිරීම තවත් නොදරන්නෝය.
30
මෙසේ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මා ඔවුන් සමඟ සිටින බවද ඉශ්රායෙල් වංශයවූ ඔවුන් මාගේ සෙනඟ බවද ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
31
මාගේ බැටළුවෝ වන මාගේ ගොදුරු බිමේ බැටළුවෝවූ ඔබ සැම වනාහි මනුෂ්‍යයෝය, මම ඔබ සැමගේ දෙවියන්වහන්සේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
← Chapter 33
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 35 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48