bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 47
Ezekiel 47
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 46
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 48 →
1
පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය.
2
එකල ඔහු මා උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට තිබුණු පිටත මාර්ගයෙන් පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙවුවේය; එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනවා දුටිමි.
3
ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලනුව රැගෙන නැගෙනහිර දෙසට යමින් රියන් දහසක් මැන්නේය, එවිට ඔහු වතුර මැදින් එගොඩට මා ඇරියේය, වතුර වළලුකර දක්වා තිබුණේය.
4
ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය, වතුර දණහිස් දක්වා තිබුණේය. ඔහු තව දහසක් මැන වතුර මැදින් මා ඇරියේය, වතුර ඉඟටිය දක්වා තිබුණේය.
5
ඔහු තව දහසක් මැන්නේය; එවිට ඒවා මට බැසයන්ට බැරි ගඟක්ව තිබුණේය. මක්නිසාද බැසයන්ට බැරි ගඟක්ව පීනන්ට උවමනා තරමට වතුර උස්වී තිබුණේය.
6
එවිට ඔහු: මනුෂ්‍ය පුත්‍රය, ඔබ මෙය දුටුවෙහිදැයි මාගෙන් අසා, මා කැඳවාගන නැවත ගඟබඩට මා පැමිණෙවුවේය.
7
මම හැරී ගිය කල, ගඟබඩ දෙපැත්තෙන්ම බොහෝ ගස් තිබෙනවා දුටිමි.
8
ඔහුද: මේ වතුර නැගෙනහිර දිසාව දෙසට ගලාගොස්, අරබා සමභූමියට බැස, එහි මුහුදට ඇතුල්වන්නේය; මුහුදට ගලායන ඒවායෙන් එහි වතුර හොඳවන්නේය.
9
මේ ගංගා පැමිණෙන සෑමතැනම රාශි ගණන් පණ ඇති සියලුම සත්වයෝ ජීවත්වන්නෝය; එසේ මත්ස්‍යයන් මහත් ගණනක් හටගන්නවා ඇත. මක්නිසාද මේ වතුර එහි පැමුණුණාම අනික් ඒවා හොඳවන්නේය, ගංගාව ගලන කොතැනක නුමුත් ඉන්න සියල්ලන් ජීවත්ව සිටිනවා ඇත.
10
මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය
11
නුමුත් ඒකේ හැල්පත් සහ පොකුණුද හොඳ නොවී, ලුණු ගන්නා පිණිස හරිනු ලබන්නේය.
12
ගඟ ළඟ දෙපැත්තේම එහි අද්දර සියලු ආකාර ඵල-ගස් වැවෙන්නේය; ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් නැතුව, හැම මාසයේම අලුත් ඵල දරන්නේය, මක්නිසාද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන්ම නික්ම එන්නේය. ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුවකිරීම පිණිසත් වන්නේය.
13
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල් ගෝත්‍ර දොළසට ඔබ සැම දේශය බෙදා දිය යුතු මේ සීමාවේ හැටියටය-යෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේය.
14
ඔබ සැමගෙන් එක්කෙනෙකුට මෙන් තවත් කෙනෙකුට ඒක උරුමවන්නේය; මක්නිසාද ඔබ සැමගේ පියවරුන්ට ඒක දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයක් පිණිස ඔබ සැමට ලැබෙන්නේය.
15
දේශයේ සීමාව මෙසේය: උතුරු දිශාවේ මහ මුහුදේ සිට ශෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන හමාත්ද බේරෝතාද
16
දමස්කයේ සීමාවටත් හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම්ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර්ද යන ඒවාය.
17
මෙසේ මුහුදේ සිට සීමාව හශර්-ඒනොන් සහ දමස්කයේ සීමාවත්ය, උතුරු දිශාවේ උතුරට හමාත්හි සීමාවත්ය. උතුරු පැත්ත ඒකය.
18
නැගෙනහිර පැත්ත වනාහි හවුරාන්ටත් දමස්කයටත් ගිලියද්ටත් ඉශ්රායෙල් දේශයටත් අතරේ යොර්දාන වන්නේය; උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්තය.
19
දකුණු දිශාවේ පැත්ත නම් තාමාර් පටන් මෙරීබොත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු පැත්ත ඒකය.
20
බස්නාහිර පැත්ත නම් සීමාවේ පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මහ මුහුදය. බස්නාහිර පැත්ත ඒකය.
21
මේ දේශයද ඉශ්රායෙල් ගෝත්‍ර ප්‍රකාරයට ඔබ සැම අතරේ බෙදාගන්න.
22
ඔබ සැමටත් ඔබ සැම අතරේ වාසයකරන්නාවූ, ඔබ සැම අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් ඔබ සැම සමඟ සිටිත්වා; ඔබ සැම සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.
23
විදේශියා වාසයකරන ගෝත්‍රය අතරේම ඔහුගේ උරුමය ඔහුට දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
← Chapter 46
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 48 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48