bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 13
Ezekiel 13
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 14 →
1
තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නාවූ ඉශ්රායෙල්හි අනාගතවක්තෘවරුන්ට විරුද්ධව ඔබ අනාගතවාක්‍ය කියමින්, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නන්ට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න;
3
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-කිසිවක් නොදැක, තමුන්ගේම ආත්මය පස්සේ යන්නාවූ මෝඩවූ අනාගතවක්තෘවරුන්ට දුක්වේ!
4
අහෝ ඉශ්රායෙල්, ඔබේ අනාගතවක්තෘවරු පාළු තැන්වල සිටින සිවලුන් හා සමාන වූය.
5
ඔබ සැම කපලුවලට නැගුණේවත් ස්වාමීන්වහන්සේ ගේ දවසේ සටනේදී සවිව සිටීමට ඔබ සැම ඉශ්රායෙල් වංශය වටකර තාප්පයක් ගොඩනැගුවේවත් නැත.
6
ස්වාමීන්වහන්සේ ඔවුන් නොඑවූ නුමුත් ඔව්හු: ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා නිෂ්ඵල කාරණා දැක, බොරු පේන කියා, වචනය ස්ථිර කරන්ට බලාපොරොත්තුවුණෝය.
7
ඔබ සැම නිෂ්ඵල දර්ශනයක් දකින්ටත් බොරු දිවස් කියන්ටත් යෙදුණා නොවේද? මා කථා නොකළ නුමුත්: ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔබ සැම කියන්නහුය.
8
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම ඔබ සැමට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
9
මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.
10
මක්නිසාද සමාදානය නැති කල්හි සමාදානයයයි කියා ඔව්හු මාගේ සෙනඟ මුළාකෙරෙවුවෝය; සෙනඟ තාප්පයක් ගොඩනගන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.
11
ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, ඔබ සැම වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාදමන්නේය.
12
බලව, තාප්පය වැටුණු කල: ඔබ සැම ගෑවාවූ ගෑම කොයිදැයි මනුෂ්‍යයෝ ඔබ සැමට නොකියද්ද?
13
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ කෝපයෙන් හුළං- කුණාටුවක් කරණකොටගෙන ඒක ඉරාදමන්නෙමි; ඒක විනාශකරන්ට මාගේ උදහස නිසා සැර වැස්සක්ද මාගේ කෝපය නිසා ගල් වර්ෂාද වන්නේය.
14
මෙසේ ඔබ සැම පදම් නොකළ බදාම ගෑවාවූ තාප්පය මම කඩාදමා, එහි අත්තිවාරම පෙනෙන හැටියට එය බිම හෙලන්නෙමි. ඒක වැටෙනවා ඇත, ඔබ සැමද ඊට යටවී නාස්තිවෙනවා ඇත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.
15
මෙසේ මාගේ කෝපය තාප්පය පිටත් එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා: තාප්පය නැත, එහි බදාම ගෑවාවූ අයත් නැතැයි ඔබ සැමට කියන්නෙමි.
16
ඔව්හු නම් යෙරුසලම ගැන අනාගතවාක්‍ය කියමින්, සමාදානය නැති කල්හි ඈ උදෙසා සමාදාන දර්ශන දකින ඉශ්රායෙල් අනාගතවක්තෘවරුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
17
තවද මනුෂ්‍ය පුත්‍රය, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නාවූ ඔබේ සෙනඟගේ දූවරුන්ට විරුද්ධව ඔබේ මුහුණ තබා, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,
18
මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ප්‍රාණ දඩයම් කිරීමට අත්වල සියලු සන්ධිවලට වැසුම් මහන්නාවූ, සියලු ප්රමාණවල හිස් වැසුම් සාදන්නාවූ ස්ත්රීන්ට දුක්වේ! ඔබ සැම මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්තිකරමින්, ඔබ සැමගේ ම ප්‍රාණ ඉතුරුකරගන්ට ඔබ සැමට පුළුවන්වේද?
19
බොරු බස් අසන මාගේ සෙනඟට ඔබ සැම විසින් බොරුකීමෙන්, මරණය විඳින්ට සුදුසු නැති ප්‍රාණීන් මරමින්ද ජීවත්වීමට සුදුසු නැති ප්‍රාණීන් ජීවත්කරමින්ද ඔබ සැම යව අහුරුවලටත් රොටි කෑලිවලටත් මාගේ සෙනඟ අතරේ මා කෙලසුහුය.
20
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, ප්‍රාණ ඉගිලීයන හැටියට ඔබ සැම එහි ඒවා දඩයම්කිරීමට පාවිච්චිකරන ඔබ සැමගේ වැසුම්වලට විරුද්ධව සිටිමි, මම ඒවා ඔබ සැමගේ හස්තවලින් ඉරාදමා, ප්‍රාණ ඉගිලීයන හැටියට ඔබ සැම දඩයම්කරන ඒ ප්‍රාණ නිදහස්කරන්නෙමි.
21
ඔබ සැමගේ වැසුම්ද මම ඉරාදමා, මාගේ සෙනඟ ඔබ සැමගේ අතින් මුදන්නෙමි, දඩයම් කිරීමට ඔවුන් තවත් ඔබ සැම අතට අසුවෙන්නේ නැත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.
22
මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් ඔබ සැම බොරුවෙන් එය ශෝක කළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට ඔබ සැම ඔහුගේ අත් බලවත්කළ නිසාද,
23
ඔබ සැම තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහුය, දිවස් කීම් නොකියන්නහුය. මමද මාගේ සෙනඟ ඔබ සැමගේ අතින් මුදන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි කීය.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48