bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 43
Ezekiel 43
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 42
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 44 →
1
තවද ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙනගියේය.
2
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
3
මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.
4
ස්වාමීන්වහන්සේ ගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය.
5
එවිට ආත්මය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙවුවේය; ගෘහය ස්වාමීන්වහන්සේ ගේ තේජසින් පිරී තිබෙන බව දුටුමි.
6
කෙනෙක් ගෘහයේ සිට මට කථාකරනවා මට ඇසුණේය; මනුෂ්‍යයෙක්ද මා ළඟ සිටියේය.
7
උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය;
8
ඔව්හු තමුන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟද තමුන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟද තැබුවෝය, මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක්ය; එසේ ඔවුන් කළාවූ තමුන්ගේ පිළිකුල්කම්වලින් ඔව්හු මාගේ ශුද්ධ නාමය අපවිත්‍රකළෝය. මමද මාගේ උදහසින් ඔවුන් විනාශකෙළෙමි.
9
දැන් ඔව්හු තමුන්ගේ වේශ්‍යාකම්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන්ද මා වෙතින් පහකරත්වා, එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි.
10
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමුන්ගේ අපරාධ ගැන ලජ්ජාවෙන පිණිසත් ගෘහයේ ආදර්ශ සිතුයම මනින පිණිසත් ගෘහය ඔවුන්ට පෙන්වන්න.
11
ඔව්හු තමුන් කළ සියල්ල ගැන ලජ්ජාවී සිටිත් නම්, ගෘහයේ ආකාරයද එහි පිළිවෙළද ඇතුළට පිටතට යන එන තැන්ද එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද එහි මුළු ආකාරයද එහි මුළු ව්‍යවස්ථාවද ඔවුන්ට දන්වා, ඔවුන් එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද පවත්වා ඒවා කරන පිණිස ඔවුන් ඉදිරියේදී ඒවා ලියන්න.
12
ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.
13
රියන් වශයෙන් පූජාසනයේ මිමි මේවාය: (ඒ රියනට රියනකුත් අල්ලක්ය.) ඒකේ අඩියේ උස රියනක්ය, පළලත් රියනක්ය, වටකර ඒකේ ගැටිය අද්දර දක්වා එක වියතක්ය. මේක පූජාසනයේ අඩියය.
14
බිමේ පටන් පහළ පිළට දෙරියනක්ය, පළල එක රියනක්ය; කූඩා පිළ පටන් ලොකු පිළට රියන් සතරක්ය, පළලද රියනක්ය.
15
පූජාසනයේ උඩ කොට්ඨාසය රියන් සතරක්ය; උඩ කොට්ඨාසයේ සිට ඉහළට අං සතරක් ඇත්තේය.
16
උඩ කොට්ඨාසයේ දිග රියන් දොළොසක්ය, පළලත් දොළොසක්ය, හතර පැත්ත හතරැස්ය.
17
එහි සතර පැත්තේ පිළේ දිග රියන් දහහතරක්ය, එහි පළලත් දහහතරක්ය; එය වටකර තිබෙන ගැටිය රියන් භාගයක්ය; එය වටකර තිබෙන අඩිය රියනක්ය; ඒකේ පඩිය නැගෙනහිර දෙසටයයි කීසේක.
18
තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-පූජාසනය පිට දවන පූජා ඔප්පුකරන්ටත් ඒක පිට ලේ ඉසින්ටත් එය සාදන කල ඒකේ නියෝග මේවාය.
19
මට සේවයකරන්ට මා ළඟට පැමිණෙන්නාවූ, ශාදොක්ගේ වංශයේ ලෙවීවරුවූ පූජකයන්ට පාප පූජාවක් පිණිස තරුණ ගොනෙක් දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
20
ඔබ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන ඒකේ අං සතරේද පිළේ කොන් සතරේද වටකර ගැටියේද ගා, එසේ ඒකේ දෝෂ පහකොට, ඒක උදෙසා සමඟිකමක් කරන්න.
21
තවද පාප පූජාවේ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් ගෘහයේ නියම තැන ඌ පුලුස්සන්න.
22
දෙවෙනි දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැලලක් නැති පිරිමි සතෙක් ගෙනෙන්න; ගොනාගෙන් පූජාසනය පවිත්‍රකළාක්මෙන් එයින් ඒක පවිත්‍ර කරත්වා.
23
ඔබ ඒක පවිත්රකර තීන්දුවුණාම, කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් කැලලක් නැති බැටළුවෙක්ද ගෙනැවිත්,
24
උන් ස්වාමීන්වහන්සේ ඉදිරියට පමුණුවන්න. එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරත්වා.
25
සත් දවසක් දවස්පතාම පාප පූජාවක් කොට එළුවෙක් පූජාකරන්න. එසේම කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් බැටළුවෙක්ද ඔව්හු පූජාකරත්වා.
26
සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමක් කොට, ඒක පිරිසිදුකර, ඒක කැපකරත්වා.
27
ඒ දවස් තින්දුවුණාම අටවෙනි දවසෙත් මතුත් පූජකයෝ ඔබ සැමගේ දවන පූජාද ඔබ සැමගේ ශාන්ති පූජාද පූජාසනය පිට ඔප්පු කරත්වා; මමද ඔබ සැම පිළිගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ වදාරනසේකැයි කීසේක.
← Chapter 42
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 44 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48