bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 24
Ezekiel 24
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 25 →
1
නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, දවසේ, එනම් මේ අද දවසේම නම ලියාගන්න. බබිලෝනියේ රජ මේ අද දවසේදීම යෙරුසලමට ළංවී සිටියේය.
3
කැරළිකාර වංශයට උපමාවක් කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නහැළිය ලිපේ තබන්න; ඒක තබා වතුරත් එහි වත්කරන්න.
4
ඊට අයිති කෑලි වන සියලු හොඳ කෑලි පස්සා ගාතයද ඉස්සරහ ගාතයද ඇතුව එහි එකතුකර, ඉතා හොඳ ඇට ඇති ඒවායෙන් පුරවන්න.
5
එළු බැටළු රැළෙන් හොඳ එවුන් ගන්න, ඒක යට ඇට ගොඩක් තබන්න. ඒක හොඳට උතුරවා, එහි තුළ තිබෙන ඇටත් තම්බන්න.
6
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මලකඩ ඇති හැළියක්ය, ඒකේ මලකඩ ඒකෙන් ඇරිලා නැත; ඒකේ සෑම කෑලි පිටින්ම එය ඇර දමන්න. ඊට කිසි පසඇටයක් වැටුණේ නැත.
7
මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.
8
ඇගේ ලේ වැසී නොයන හැටියට, පළිගන්න පිණිස කෝපය ඇවිස්සවීමට, මම ඒවා පස් නැති පර්වතය උඩ තැබීමි.
9
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! මමත් දර සෑය මහත්කරන්නෙමි.
10
බොහෝ දර දමා, ගින්දර අවුළවා, මස් තම්බාදමා, කලවමක් කර, ඇටත් පුළුස්සා දමන්න.
11
එවිට ඒකේ පිත්තල රත්වී ගිනියම්වී, ඒකේ අපවිත්‍රකම ඒක ඇතුළෙහි උණුවී, ඒකේ මලකඩ නැතිවී යන පිණිස, ඒක ගිනිඅඟුරු පිට හිස්ව තබන්න.
12
ඈ වීර්යකිරීමෙන් වෙහෙසුණු නුමුත්, ඇඟේ බොහෝ මලකඩ ඇඟෙන් පහව නොයයි; ඇගේ මලකඩ ගින්නෙන් පවා පහව නොයයි.
13
ඔබේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් ඔබ පිරිසිදුකරමින් සිටි නුමුත් ඔබේ අපවිත්‍රකමෙන් ඔබ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය ඔබ කෙරෙහි සංසිඳුවාගන්න තුරු ඔබ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.
14
ස්වාමීන්වහන්සේ වන මම ඒක කීයෙමි. ඒක සිදුවන්නේය, මම ඒක කරන්නෙමි; මා පසුබටවෙන්නේවත් දයාවෙන්නේවත් තැවෙන්නේවත් නැත; ඔබේ මාර්ගවලද ක්‍රියාවලද හැටියට ඔව්හු ඔබ විනිශ්චයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
15
ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
16
මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, ඔබේ ඇස්වලට ප්‍රියවූ දේ එක පහරකින් ඔබෙන් ගනිමි. එහෙත් ඔබ විලාප නොකිය යුතුය, නොහැඬිය යුතුය, ඔබේ කඳුළුත් නොවැගිරියයුතුය.
17
නිශ්ශබ්දව සුසුම්ලා, මළවුන් ගැන වැලපීමක් නොකර, ඔබේ තොප්පිය හිසේ බැඳගෙන; ඔබේ වහන් පාදවල දමාගන්න, තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටින්නැයි කීය.
18
එබැවින් මම උදයේ සෙනඟට කථාකෙළෙමි; සවස මාගේ භාර්යාව මළාය. මට අණකළ ලෙස උදයේදී කෙළෙමි.
19
සෙනඟද: ඔබ කරන මේ දේ අපට අදාළවෙන හැටි ඔබ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය.
20
එවිට මම ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීයේය ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්රායෙල් වංශයට කියන්න.
21
බලව, මම ඔබ සැමගේ බලයේ පාරට්ටුව වූ, ඔබ සැමගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, ඔබ සැමගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; ඔබ සැම විසින් අත්හැර ආවාවූ ඔබ සැමගේ පුත්‍රයෝද ඔබ සැමගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.
22
මා කළාක්මෙන් ඔබ සැමත් කරනවා ඇත. ඔබ සැම තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටිනවා ඇත.
23
ඔබ සැමගේ තොප්පි ඔබ සැමගේ හිස්වලද ඔබ සැමගේ වහන් ඔබ සැමගේ පාදවලද වන්නේය. ඔබ සැම විලාප කියන්නේවත් අඬන්නේවත් නැත; ඔබ සැමගේ අයුතුකම්වලින් ඔබ සැම ෂයවී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනවා ඇත.
24
මෙසේ එසකියෙල් ඔබ සැමට සලකුණක් වන්නේය; ඔහු කළ සියල්ල ලෙස ඔබ සැම කරනවා ඇත. මේක පැමිණි කළ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔබ සැම දැනගන්නවා ඇත.
25
ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලයද ඔවුන්ගේ තේජසේ ප්‍රීතියද ඔවුන්ගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, ඔවුන්ගේ ආත්ම ආශාවෙන්නාවූ දේද ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මා විසින් ඔවුන්ගෙන් පැහැරගන්න දවසේදී,
26
මිදෙන තැනැත්තා ඒ බව ඔබේ කන්වලට දන්වන පිණිස ඔබ ළඟට එනවා නොවේද?
27
ඒ දවසේදී ඔබේ මුඛය මිදෙන තැනැත්තා කෙරෙහි ඇරී, ඔබ තවත් ගොළුව නොසිට කථාකරන්නෙහිය. මෙසේ ඔබ ඔවුන්ට සලකුණක් වන්නෙහිය; ඔවුන් මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීය.
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48