bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 27
Ezekiel 27
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 28 →
1
ස්වාමීන්වහන්සේ ගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, ඔබ තීර් ගැන විලාපයක් පවත්වමින්,
3
තීර්ට මෙසේ කියන්න: මුහුදට ඇතුල්වෙන තැන්හි වාසයකරන්නාවූ, ජනයන්ගේ වෙළෙන්දියක්ව බොහෝ ද්වීපවලට යන්නාවූ තැනැත්තිය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්—මම අලංකාරකමෙන් සම්පූර්ණව සිටිමියි ඔබ කීයෙහිය.
4
ඔබේ පළාත් මුහුදු මැද ඇත්තේය, ඔබව සෑදූ අය ඔබේ අලංකාරකම සම්පූර්ණකර තිබේ.
5
ඔව්හු ඔබේ තට්ටු සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදුවෝය. ඔබට කුඹගසක් සාදන්ට ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්තෝය.
6
බාෂාන්හි අලෝන ලීවලින් ඔබේ හබල් සෑදුවෝය; ඔබේ ආසන කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත්දත් ගිල්ලෙවුවෝය.
7
ඔබට කොඩියක් කොට ඔබ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; ඔබේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් දිය.
8
ශීදොන්හි සහ අර්වද්හි වැසියෝ ඔබේ හබල්කාරයෝව සිටියෝය. එම්බා තීර්, ඔබ තුළ සිටි ඔබේ ප්‍රඥාවන්තයෝම ඔබේ නාවිකයෝව සිටියෝය.
9
ගෙබල්හි වැඩිමහල්ලෝද එහි ප්‍රඥාවන්තයෝද ඔබ තුළ ඔබේ කැඩුම් හරිගස්සන්නෝව සිටියෝය. ඔබේ වෙළඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව්ද ඒවා යාත්‍රාකරන්නෝද ඔබ තුළ සිටියෝය.
10
පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද ඔබේ සේනාවෙහි සිටියේය; ඔව්හු ඔබේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද ඔබ තුළ එල්ලා, ඔබේ ශෝභනකම දක්වාලූවෝය.
11
අර්වද්හි පුත්‍රයෝද ඔබේ සේනාවද ඔබේ පවුරු පිට වටේට සිටියෝය, ගම්මද්හි මනුෂ්‍යයෝ ඔබේ කොත්වල සිටියෝය. ඔව්හු තමුන්ගේ පලිස් ඔබේ පවුරුවල වටේට එල්ලා තැබුවෝය; ඔව්හු ඔබේ රුව සම්පූර්ණකළෝය.
12
සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් ඔබේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද ඔබ සමඟ ගනුදෙනුකළෝය.
13
යාවාන්ද තූබල්ද මෙෂෙක්ද ඔබේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ මනුෂ්‍ය ප්‍රාණද පිත්තල බඩුද වෙළඳාම්කළෝය.
14
තොගර්මා වංශයේ අය ඔබ සමඟ අශ්වයන්ද සෛන්ධවයන්ද අශ්වතරයන්ද වෙළඳාම්කළෝය.
15
දෙදාන්හි මනුෂ්‍යයෝ ඔබේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ ඔබ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට ඔබ කරා ගෙනාවෝය.
16
ඔබේ බොහෝ කර්මාන්ත නිසා සිරිය ඔබේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද ඔබ සමඟ ගනුදෙනුකළෝය.
17
යූදාවරුද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝද ඔබේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.
18
ඔබේ බොහෝ කර්මාන්ත නිසාත් ඔබේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය ඔබ සමඟ හෙල්බොන්හි මුද්‍රිකපානයද සුදු ලොම්ද වෙළඳාම් කළාය.
19
වෙදාන්ද යාවාන්ද ඔබ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද ඔබේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.
20
පොරොන්දු පිණිස අගේ ඇති ඇතිරිලි ගැන දෙදාන් ඔබේ වෙළෙන්දාව සිටියාය.
21
අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු ඔබ යටතේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ බැටළුපැටවුන්ද බැටළුවන්ද එළුවන්ද වෙළඳාම්කළෝය.
22
ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ ඔබේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.
23
හාරාන්හිද කන්නෙහිද එදෙන්හිද මනුෂ්‍යයෝ වන ෂෙබාහිත් අෂූර්හිත් කිල්මද්හිත් වෙළෙන්දෝ ඔබේ වෙළෙන්දෝව සිටියෝය.
24
ඔව්හු ඔබ සමඟ ඉතා අලංකාර වස්ත්‍රද නිල් සහ විසිතුරු සළුද නොයෙක් පාට ඇති වස්ත්‍ර පිරෙවුවාවූ, ලනුවලින් බැන්දාවූ කිහිරි ලී පෙට්ටිද ඔබේ වෙළඳාම්පළෙහි වෙළඳාම්කළෝය.
25
ඔබේ වෙළඳාම් බඩු ගෙනගියේ තර්ෂිෂ්හි නැව්වලින්ය. ඔබ පිරී, මුහුද මැද ඉතා කීර්තිමත්ව සිටියෙහිය.
26
ඔබේ හබල්කාරයෝ ඔබ මහත් ජලවලට පැමිණෙවුවෝය. පෙරදිග සුළඟින් මුහුද මැදදී ඔබ බිඳුණාය.
27
ඔබේ සම්පත්ද ඔබේ බඩුද ඔබේ වෙළඳාම්ද ඔබේ යාත්‍රාකාරයෝද ඔබේ නාවිකයෝද ඔබේ කැඩුම් හරිගස්සන්නෝද ඔබේ වෙළඳාමේ යෙදී සිටින්නෝද ඔබ තුළ සිටින ඔබේ සියලු යුද්ධකාරයෝද ඔබ ඇතුළෙහි සිටින ඔබේ මුළු සමූහයා සමඟ ඔබේ වැටීමේ දවසේදී මුහුද මැද වැටෙන්නෝය.
28
ඔබේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසල ස්ථාන සෙලවෙන්නේය.
29
හබල අල්ලන සියල්ලෝද යාත්‍රාකාරයෝද මුහුදේ සියලුම නාවිකයෝද තමුන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන,
30
ඔබ ගැන තමුන්ගේ හඬ පවත්වා, ශෝකයෙන් මොරගසා, තමුන්ගේ හිස් පිට ධූලි හෙළාගන, අලුවල පෙරළී සිටින්නෝය.
31
ඔව්හු ඔබ නිසා හිස් මුඩුකර, ගෝණි රෙදි ඇඳගෙන, ආත්මයේ ශෝකයෙන් තද විලාපයක් ඇතුව ඔබ ගැන අඬන්නෝය.
32
ඔවුන්ගේ ළතෝනියේදී ඔවුන් ඔබ ගැන විලාපයක් පවත්වා, ඔබ ගැන මෙසේ විලාප කියනවා ඇත: මුහුද මැදදී නිශ්ශබ්දභාවයට පත්වූ තීර්ට සමාන කවුද?
33
ඔබේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල ඔබ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; ඔබේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් ඔබ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.
34
දැන් ඔබ ගැඹුරු ජලවලදී මුහුදුවලින් බිඳුණු බැවින් ඔබේ වෙළඳාමද ඔබ ඇතුළෙහි සිටි ඔබේ මුළු සමූහයාද වැටුණෝය.
35
ද්වීපවල සියලුම වැසියෝ ඔබ ගැන විස්මපත්වෙති, ඔවුන්ගේ රජවරුද අතිශයින් භයව කැලඹුණ මුහුණු ඇතිව සිටිති.
36
ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ ඔබට කවටකම්කරති; ඔබ භීතියක් වී තිබේ, තවත් කිසි කලක ඔබ නොසිටින්නෙහියයි කීය.
← Chapter 26
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 28 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48