bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 3
Ezekiel 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 4 →
1
එහි ඇතුළත් පිටත් ලියා තිබුණේය. එහි ලියා තිබුණේ විලාපත් වැලපීමත් ළතෝනියත්ය. උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔබට සම්බවෙන එක කන්න; මේ පොත කාලා, ගොස්, ඉශ්රායෙල් වංශයට කථාකරන්නැයි මට කීසේක.
2
එවිට මම මාගේ කට ඇරියෙමි, උන්වහන්සේද ඒ පොත කන්ට මට සැලැස්සූසේක.
3
තවද: මනුෂ්‍ය පුත්‍රය, මා ඔබට දෙන මේ පොත ඔබ කා, ඔබේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය.
4
උන්වහන්සේ කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ඔබ ගොස් ඉශ්රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න.
5
මක්නිසාද ඔබ යවන්නේ අන් භාෂාවක්ද අමාරු වචනද ඇති සෙනඟක් ළඟට නොව ඉශ්රායෙල් වංශය ළඟටය;
6
ඔබට තේරුම්ගන්ට බැරි වචන ඇති, අන් භාෂාවක් ද අමාරු වචනද ඇති බොහෝ ජනයන් ළඟට නොවේ. සැබවින් ඔවුන් ළඟට මම ඔබ යැවුවොත් ඔවුන් ඔබට ඇහුම්කන් දෙනවා ඇත.
7
නුමුත් ඉශ්රායෙල් වංශය මට ඇහුම් කන්දෙන්ට කැමති නැති බැවින් ඔව්හු ඔබට ඇහුම්කන්දෙන්ට කැමැති නොවෙති. මක්නිසාද මුළු ඉශ්රායෙල් වංශය දැඩිවූ නළල්ද තද සිත්ද ඇත්තෝය.
8
බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව ඔබේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව ඔබේ නළලත් දැඩිකෙළෙමි.
9
ඔබේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.
10
තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ඔබට කියන මාගේ සියලුම වචන ඔබේ සිතේ තබාගන්න, ඔබේ කන්වලින් අසන්න.
11
වහල්ව සිටින ඔබේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්-ඔවුන් අසතත් නොඅසතත්-ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක.
12
එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේ ගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය.
13
එකිනෙකට වැදුණු සත්වයන්ගේ පියාපත්වල ළඟ තිබුණු රෝදවල ශබ්දයද මහත් ඝෝෂා ශබ්දයක්ද මට ඇසුණේය.
14
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේ ගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.
15
එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි.
16
තවද සත් දවසකට පසු ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය:
17
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට ඔබ මුරකාරයෙකු කෙළෙමි. ඔබ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
18
ඔබ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, ඔබ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ ඔබ අතින් අයකරන්නෙමි.
19
නුමුත් ඔබ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් ඔබ ඔබේ ප්‍රාණය ගළවාගත්තෙහිය.
20
තවද ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර අයුතුකම් කළාම, පැකිලීමට කාරණයක් මම ඔහු ඉදිරියෙහි තබන විට ඔහු නසිනවා ඇත. ඔබ ඔහුට අවවාද නොකළ නිසා ඔහු තමාගේ පාපයෙහි නසිනවා ඇත, ඔහු කළාවූ ඔහුගේ ධර්මිෂ්ඨකම සිහිකරනු නොලබන්නේය; ඔහුගේ ලේ ද ඔබ අතින් අයකරන්නෙමි.
21
නුමුත් ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස ඔබ ධර්මිෂ්ඨයාට අවවාදකළාම, ඔහු පව් නොකර සිටියොත්, අවවාදය පිළිගත් බැවින් ඔහු සැබවින්ම ජීවත්වන්නේය; ඔබද ඔබේ ප්‍රාණය ගළවාගත්තෙහියයි කීය.
22
එවිට ස්වාමීන්වහන්සේ ගේ අත එහිදී මා පිටට පැමුණුණේය; උන්වහන්සේද: නැගිට සමභූමියට යන්න, එහිදී ඔබ සමඟ කථාකරන්නෙමියි මට කීසේක.
23
එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේ ගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි.
24
නුමුත් ආත්මය මට ඇතුල්ව, මා නැගුටුවා සිටුවා, මා සමඟ කථාකොට: ඔබේ ගෙට වැද දොර වසාගන හිඳින්න.
25
තවද මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් ඔබ පිට බැඳුම් දමා, ඔබ ඔවුන් අතරට නේන පිණිස ඒවායින් ඔබ බඳිනවා ඇත.
26
මම ඔබේ දිව ඔබේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට ඔබ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.
27
එහෙත් මා ඔබ සමඟ කථාකරන කල ඔබේ මුඛය අරින්නෙමි, ඔබද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48