bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ezekiel 16
Ezekiel 16
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 17 →
1
නැවතත් ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට ඇගේ පිළිකුල්කම් දන්වමින්,
3
මෙසේ කියන්න- ස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: ඔබේ පිළිසිදීම සහ ඔබේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; ඔබේ පියා අමෝරියයාය, ඔබේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය.
4
ඔබ උපන් දවසේදී, ඔබ උපන් කල ඔබේ පෙකනිවැළ කැපුවේවත් පිරිසිදුකිරීමට ඔබ වතුරෙන් නෑවුවේවත් ඔබට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි එතුවේවත් නැත.
5
ඔබට අනුකම්පාකොට මේවායින් එකක්වත් ඔබට කරන ලෙස කිසි ඇසක් ඔබ සැමට දයා නොවීය; ඔබ උපන් දවසේදී ඔබේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා ඔබ කෙතේ දමනු ලැබුවෙහිය.
6
මම ඔබ ළඟින් යන විට ඔබ ලේවල වැතිර ඉන්නවා දැක: ඔබ ඔබේ ලේවල වැතිර ඉන්දදී ජීවත්වෙයන්නැයි ඔබට කීවෙමි; එසේය, ජීවත්වෙයන්නැයි ඔබේ ලේවල වැතිර ඉන්දැද්දී ඔබට කීවෙමි.
7
කෙතේ දළුව මෙන් ඔබ රාශි ගණන් වැඩිකෙළෙමි, ඔබ වැඩ මහත්වී, ඉතා ලක්ෂණ ස්වභාවකට පැමිණියෙහිය; ඔබේ පියයුරු සෑදුණේය, ඔබේ ඉසකේද වැඩුණේය; නුමුත් ඔබ නිර්වස්ත්‍රව නග්නව සිටියෙහිය.
8
මම ඔබ ළඟින් ගොස් බැලූ කල, ඔබේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය ඔබ පිට අතුරා, ඔබේ නිර්වස්ත්‍රකම වසා, ඔබට දිවුරුම්දී, ඔබ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, ඔබද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
9
තවද මම ඔබ වතුරෙන් නාවා, ඔබෙන් හොඳාකාරයෙන් ලේ සෝදා හැර, තෙලින් ආලේපකෙළෙමි.
10
විසිතුරු වස්ත්‍ර මම ඔබට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් ඔබට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් ඔබ වැසුවෙමි.
11
මම ආභරණවලින් ඔබ සරසමින්, ඔබේ අත්වල වළලුද ඔබේ බෙල්ලේ මාලයක්ද දැමුවෙමි.
12
ඔබේ නාසයේ ආභරණයක්ද ඔබේ කන්වල කුණ්ඩලාභරණද ඔබේ හිසේ අලංකාර ඔටුන්නක්ද තැබුවෙමි.
13
මෙසේ ඔබ රන් රිදීවලින් සැරසී සිටියෙහිය; ඔබේ වස්ත්‍රද සිහින් හණ රෙදිත් පට සහ විසිතුරු රෙදිත්ය; ඔබ සිහින් පිටිද මීපැණිද තෙල්ද කෑවෙහිය. ඔබ අතිශයින්ම ලක්ෂණවී, රාජ්‍යයක් වෙන හැටියට වර්ධනයවූවෙහිය.
14
ඔබේ ශෝභනකම නිසා ඔබේ කීර්තිය ජාතීන් අතරේ පැතිරගියේය; මක්නිසාද මා විසින් ඔබ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා ඒක සම්පූර්ණව තිබුණේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක
15
නුමුත් ඔබේ ශෝභනකම කෙරේ ඔබ විශ්වාසකොට, ඔබේ කීර්තිය නිසා වේශ්‍යාකම්කරමින්, ළඟින් යන එකිනෙකාටම ඔබේ වේශ්‍යාකම් වැගිරෙවුවෙහිය; එය ඔහුට වුණේය.
16
ඔබේ වස්ත්‍රවලින් සමහරක් ඔබ රැගෙන, විසිතුරු වර්ණවත් උස් තැන් සාදාගෙන, පළමු සිදුවුණේවත් මතු සිදුවන්නේවත් නැති ආකාරයකට ඒවා උඩ වේශ්‍යාකම්කෙළෙහිය.
17
මා ඔබට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ ඔබේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය;
18
ඔබේ විසිතුරු වස්ත්‍රවලින් ඔබ ඒවා වසා, මාගේ තෙල්ද මාගේ සුගන්ධ ද්‍රව්‍යයද ඒවා ඉදිරියෙහි තැබුවෙහිය.
19
කන්ට මා විසින් ඔබට දුන්නාවූ මාගේ කෑම වන සිහින් පිටිද තෙල්ද මීපැණිද ඔබ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි තැබුවෙහිය, මෙසේ වුණායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
20
තවද මා නිසා ඔබ වැදූ ඔබේ පුත්‍රයන්ද ඔබේ දූවරුන්ද ඔබ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.
21
ඔබ මාගේ දරුවන් ගින්නට කැපකොට ඔවුන් ඒවාට මරාදුන්නේ ඔබේ වේශ්‍යාකම් සුළු කාරණයක්වූ නිසාද?
22
ඔබේ සියලු පිළිකුල්කම්වලදීද වේශ්‍යාකම්වලදීද ඔබ නිර්වස්ත්‍රව, නග්නව, ඔබේ ලේවල වැතිර උන්නාවූ ඔබේ බාල කාලය ඔබ සිහි නොකෙළෙහිය.
23
තවද ඔබට දුක්වේ! දුක්වේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. මක්නිසාද ඔබේ සියලු දුෂ්ටකම්වලට පසු,
24
ඔබ සියලු වීථිවල [වේශ්‍යා] මහලක් තනාගෙන උස්තැනක්ද සාදාගත්තෙහිය.
25
ඔබ සියලු මංසන්ධිවල ඔබේ උස්තැන් ගොඩනඟා, ඔබේ ශෝභනකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට ඔබේ කකුල් විදහා, ඔබේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
26
තවද ශරීරයෙන් තරව සිටින ඔබේ අසල්වාසීන් වන මිසරයන් සමඟ ඔබ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස ඔබේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
27
එබැවින් මම මාගේ අත ඔබට විරුද්ධව දිඟුකොට, ඔබේ කෑම කොටස අඩුකර, ඔබට වෛරවෙන්නන්වූ ඔබේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට ඔබ භාරදුනිමි.
28
ඔබේ ආශාව සංසිඳිමක් නොවූ නිසා, ඔබ අෂූරියයන් සමඟද වේශ්‍යාකම්කෙළෙහිය; ඔබ ඔවුන් සමඟ වේශ්‍යාකම්කළ නුමුත් සෑහීමට නොපැමිණියෙහිය.
29
ඔබ කානාන් දේශයේදී කල්දියාව දක්වාත් ඔබේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය; එහෙත් එයිනුත් සෑහීමට නොපැමිණියෙහිය.
30
නොහික්මෙන වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ක්‍රියා වන මේ සියල්ල කරන්නාවූ ඔබේ සිත කොපමණ දුර්වලව තිබෙනවා නොවේදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
31
එසේය, ඔබේ සියලු මාර්ග කොන්වල ඔබේ (වේශ්‍යා) මහල ගොඩනගා, සියලු වීථිවල ඔබේ උස්තැනක් සාදාගත්තෙහිය; පණයම් එපාකරන හෙයින් වේශ්‍යාවට ඔබ සමාන නූමණෙහිය.
32
කාමමිථ්‍යාචාරය කරන භාර්යාවක්ය! තමාගේ පුරුෂයා වෙනුවට අන්‍යයන් ගන්න ස්ත්‍රියෙක්ය!
33
සියලු වේශ්‍යාවන්ට යම් තෑග්ගක් දෙනු ලැබේ. නුමුත් ඔබ ඔබේ සියලු ප්‍රේමවන්තයන්ට ඔබේ තෑගිදී, ඔබ සමඟ වේශ්‍යාකම්කිරීමට හැම අතින්ම ඔබ ළඟට එන්ට ඔවුන්ට තෑගි දුන්නෙහිය.
34
ඔබේ වේශ්‍යාකම්වලදී ඔබේ අන්දම අන් ස්ත්රීන්ට වෙනස්ය, මක්නිසාද වේශ්‍යාකමට කිසිවෙක් ඔබ පස්සේ එන්නේ නැත. ඔබ පණයම් දෙනවා මිස ඔබට පණයම් දෙන්නේ නැත, මෙසේ ඔබ වෙනස්ය.
35
එබැවින් වේශ්‍යාවිය, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
36
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබේ ප්‍රේමවන්තයන් සමඟද ඔබේ සියලු පිළිකුල්වල රූප සමඟද ඔබ කළ වේශ්‍යාකම්වලිනුත් ඔබ ඒවාට දුන් ඔබේ දරුවන්ගේ ලේවලිනුත් ඔබේ මුදල් වියදම්වී ඔබේ නග්නභාවය පෙනුණු බැවින්,
37
ඔබ කෙරෙහි ආලයවුණ ඔබේ සියලු ප්‍රේමවන්තයන්ද ඔබ ප්‍රේමවුණ සියල්ලන්ද ඔබ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් ඔබට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් ඔබේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස ඔබේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි.
38
පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම ඔබ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ ඔබ පිටට පමුණුවන්නෙමි.
39
තවද මම ඔබ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් ඔබේ [වේශ්‍යා] මහල කඩාදමා, ඔබේ උස්තැන් හෙළාදමා, ඔබේ වස්ත්‍ර ලිහාදමා, ඔබේ අලංකාර ආභරණ රැගෙන ඔබ නිර්වස්ත්‍ර කොට නග්නකරනවා ඇත.
40
ඔවුන් ඔබට විරුද්ධව සමුදාවක් පමුණුවා, ඔබට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් ඔබට අනිනවා ඇත.
41
ඔවුන් ඔබේ ගෙවල් ගිනිලා, බොහෝ ස්ත්‍රීන් ඉදිරියෙදී විනිශ්චයන් ඔබ කෙරෙහි ඉෂ්ටකරනවා ඇත; වේශ්‍යාකම්කිරීමෙන්ද ඔබ නවත්වන්නෙමි, පණයම්ද ඔබ තවත් නොදෙන්නෙහිය.
42
මෙසේ මාගේ උදහස ඔබ කෙරෙන් නවත්වා, පසුව මාගේ ජ්වලිතය ඔබෙන් පහකොට, නිශ්චලව තවත් උදහස් නොවී සිටින්නෙමි.
43
ඔබේ බාල කාලය ඔබ සිහිනැතිකොට, ඒ සියල්ලෙන් මා උදහස්කළ බැවින්, බලව, මමත් ඔබේ මාර්ගය ඔබේ හිස පිටට පමුණුවන්නෙමි. ඔබද ඔබේ සියලු පිළිකුල්කම්වලට වඩා නරකවූ මේ දූෂ්‍යකම නොකරන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
44
උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව ඔබ ගැන කියනවා ඇත.
45
ඔබ නම් පුරුෂයාටත් දරුවන්ටත් පිළිකුල්කරන මවගේ දුවය; ඔබ තමුන්ගේ පුරුෂයන්ටද දරුවන්ටද පිළිකුල්කළ ඔබේ සහෝදරියන්ගේ සහෝදරීය. ඔබ සැමගේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය, ඔබ සැමගේ පියා අමෝරියයෙක්ය.
46
ඔබේ වැඩිමල් සහෝදරී ඔබට වමින් වාසයකරන සමාරිය සහ ඇගේ දූවරුය. ඔබේ බාල සහෝදරී ඔබට දකුණෙන් වාසයකරන සොදොම සහ ඇගේ දූවරුය.
47
නුමුත් ඔබ ඔවුන්ගේ මාර්ගවලම නොගොස්, ඔවුන්ගේ පිළිකුල්වල ප්‍රකාරයටම නොකර, ඒවා මදියයි සිතා, ඔවුන්ටත් වඩා ඔබේ සියලු මාර්ගවලින් ඔබ දුෂ්ටකම්කෙළෙහිය.
48
මා ජීවමාන බව සැබෑවා සේම ඔබ සහ ඔබේ දූවරුන් කළ ලෙස ඔබේ සහෝදරීවූ සොදොම සහ ඇගේ දූවරුන් කළේම නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
49
මෙන්න, ඔබේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.
50
ඔවුන් උඩඟුව සිට මා ඉදිරියෙහි පිළිකුල්කම් කළ බැවින්, මට හොඳව පෙනුණු ලෙස ඔවුන් පහකෙළෙමි.
51
සමාරිය ඔබේ පව්වලින් අර්ධයක්වත් නොකළාය; ඔබ ඔවුන්ට වඩා ඔබේ පිළිකුල් ක්‍රියා වැඩිකර, ඔබ කළ ඔබේ සියලු පිළිකුල් ක්‍රියාවලින් ඔබේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සුවෙහිය.
52
ඔබේ සහෝදරියන් විනිශ්චයකළ ඔබ ඔබේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස ඔබ කළාවූ ඔබේ පාප නිසා ඔව්හු ඔබට වඩා ධර්මිෂ්ඨය. මෙසේ ඔබ ඔබේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් ඔබත් ලජ්ජාවට පැමිණ ඔබේ නින්දාව දරාගන්න.
53
ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ ඔබේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි.
54
මෙසේ කරන්නේ ඔවුන් ඔබෙන් සැනසෙන හැටියට ඔබ කළ සියල්ල නිසා, ඔබේ ලජ්ජාව ඔබ දරා, නින්දාවට පැමිණෙන පිණිසය.
55
ඔබේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, ඔබ සහ ඔබේ දූවරුන්ද ඔබ සැමගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත.
56
සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් ඔබව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම ඔබට නින්දාකළ කාලයේදී මෙන්, ඔබේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්,
57
ඔබේ උඩඟුකමේ දවසේදී ඔබේ සහෝදරීවූ සොදොම ඔබේ මුඛයෙන් සඳහන්කළේවත් නැත.
58
ඔබේ සල්ලාලකමද ඔබේ පිළිකුල්කම්ද ඔබම දැරුවෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
59
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ ඔබ කළ හැටියටම මම ඔබට කරන්නෙමි.
60
එහෙත් මා විසින් ඔබේ බාල කාලයේදී ඔබ සමඟ කළාවූ මාගේ ගිවිසුම සිහිකොට, සදාකාල ගිවිසුමක් ඔබ සමඟ පිහිටුවන්නෙමි.
61
ඔබේ වැඩිමහල්වූද බාලවූද සහෝදරියන් ඔබ විසින් පිළිගන්න විට ඔබ ඔබේ මාර්ග සිහිකොට ලජ්ජාවන්නෙහිය. ඔවුන් දූවරුන් කොට ඔබට දෙන්නෙමි, නුමුත් එය ඔබේ ගිවිසුමකින් නොවේය.
62
ඔබ කළ සියල්ල ගැන මා විසින් ඔබට කමාවෙන විට ඔබ සිහිකොට, වියවුල්ව, ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින පිණිසය,
63
මාගේ ගිවිසුම ඔබ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
← Chapter 15
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 17 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48